විදුහල්පති ගැටලු විසඳීමට කමිටුවක්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා පත් කළ විද්වත් කමිටුවට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
විදුහල්පති සේවා නිලධාරීන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. විදුහල්පති සේවයේ ඇතැම් ගැටලු සැලකිය යුතු කාලයක් තිස්සේ පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගත්තේය.
අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතර වැටුප් විෂමතා, බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටි, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් ඇතුළත් වේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර මූලික ගැටලු විසඳීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් හඳුනා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
263 Views
Comments