චෙන්නායි - කන්කසන්තුරේ යා කරයි

ඊයේ (16) ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවාවක් ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂණ මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරායට සේන්දු විය.
වරාය, නාවික සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් නිරීක්ෂණ මගී නෞකාව සහ සංචාරකයින් පැමිණි අවස්ථාවේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම මගී ප්‍රවාහන සේවාව ආරම්භ කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි පොන්ඩිචෙරි වරාය කන්කසන්තුරය හා සම්බන්ධ කරමින් මගී යාත්‍රා සේවාවක් ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අනුවය.
215 Views
Comments