නිෂ්කාශන වාර්තාවෙන් හැලෙන සුළු වැරදි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

නිෂ්කාශන වාර්තාවෙන් හැලෙන සුළු වැරදි

නිෂ්කාශන වාර්තාවෙන් හැලෙන සුළු වැරදි

විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

 

විදේශ රැකියා සදහා පිටත්ව යාමෙට පෙර ලබාගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණි. එම ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

 

 

මීට අමතරව කිසියම් පුද්ගලයෙක් නීතිමය කටයුත්තකින් නිදොස් කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයද පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමද අවශ්‍ය නොවේ.

 

 

එහෙත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පරමාර්ථ කරගත් සියලුම පනත් යටතේ ඇති වරදවල් හා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හදුන්වාදෙන ලද පනත් යටතේ ඇති වරදවල් සම්බන්ධ පෙර වැරදි පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

views

297 Views

Comments

arrow-up