මගේ බිරිඳ දේශපාලනයට එන්නේ නැහැ සජිත්ගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

මගේ බිරිඳ දේශපාලනයට එන්නේ නැහැ සජිත්ගෙන් ප්‍රකාශයක්

මගේ බිරිඳ දේශපාලනයට එන්නේ නැහැ සජිත්ගෙන් ප්‍රකාශයක්

තමාගේ බිරිඳ දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටී.

 

ඔහු පවසන්නේ තම පවුලේ කිසිම කෙනෙකු දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා බවයි.

 

කිසිදු දිනක තම බිරිඳ දේශපාලනයට පිවිසීම සම්බන්ධ අදහසකින් පසු නොවූ බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.

 

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසන්නේ තමන්ගේ බිරිඳ සමාජ ක්‍රියාකාරිනියක ලෙස පමණක් කටයුතු කරන බවයි.

views

314 Views

Comments

arrow-up