JUN
03
මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයෙක් මරුට

වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.
වස්කඩුව පොකුණවත්ත පාරේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටී තරුණයෙකු එසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (03) අලුයම එම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
241 Views
Comments