තිදරු මවක් පැහැරගෙන ගිය පාපතරයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

තිදරු මවක් පැහැරගෙන ගිය පාපතරයා

තිදරු මවක් පැහැරගෙන ගිය පාපතරයා

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී අත් අඩංගුවට ගෙන තිබේ. 

 

 

ඔහුගේ තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදී සිටි තිදරු මව, පොලීසිය බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂයක් සදහා මාතර මහ රෝහලට ඇතුලත් කරන ලදී.

 

 

පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට නිතර තර්ජනය කළ බව ද එම කාන්තාව පොලිසියට පවසා ඇත.

 

 

 සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගනු ලැබීය.

 

 

ඊට අමතරව ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබු ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බව පොලීසිය කියයි.

 

views

288 Views

Comments

arrow-up