මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක්

මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක්

 

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජික් සියඹලාපිටිය මහතා පැවසීය.

 

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තමාවෙත මූලික වාර්තාවක් ලබාදුන් බවද රාජ්‍ය ඇමතිවරයා කීය.

 

එම මත්පැන් බෝතල්වල අලවා තිබුණු සමහර ස්ටිකර් සම්බන්ධයෙන් පැහැදිලි තාවයක් තිබෙන හෙයින් ස්ටිකර්වල ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදුවෙනවාද යන්න පිළිබඳව අදාළ විදේශීය ආයතනයෙන් සතියක් තුළ පරීක්ෂණ වාර්ථාවක් ලබාගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය.

 

ස්ටිකර් ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද යන්නත් ආදායම් බදු නිසිපරිදි ලැබෙනවාද යන්නත් පිළිබඳව සොයාබැලීමට සුරාබදු දෙපාර්තුමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමක් යොදවන බවද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

views

189 Views

Comments

arrow-up