දේශබන්දු තෙන්නකෝන් SIU ලොක්කාට තර්ජනය කරලා

ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
තමාට දුරකතන ඇමතුම් ලබා දෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් තර්ජනය කළ බවත්, තමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේදී තමාගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට තමාව පැටලවීමට උත්සහ ගැනීමක් හෝ තමාගේ හෝ පවුලේ උදවියගේ ජීවිතයට යම් අනතුරක් කරතැයි බියෙන් තමන් පසුවන බවයි.
243 Views
Comments