දැරිය හඬා වැළපෙමින් සිටියදී පිහිටවූ පොලිස් නිලධාරියා අසමජ්ජාති එක්දරු පියා අල්ලයි

පාසල අවසන් වීමෙන් පසු උපකාරක පන්තියකට සහභාගී වී නැවත නිවස බලා ගමන් කරමින් සිටි 14 හැවිරිදි දැරියකට අතවර කළ සැකකරුවකු 06දා අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්දරු පියෙකු බව පොලිසිය කියයි. අමතර පන්තිය පෙනී සිට තනිව පා ගමනින් ගමන් කර ඇති මෙම සිසුවිය පිටු පසින් පැමිණි සැකකරු එක් වරම එම දැරියගේ මුහුණ අතින් වසා මරණ බවට තර්ජනය කර මෙම අපරාධය සිදුකර ඇත.
පසුව දැරිය මාර්ගයේ හඬා වැළපෙමින් සිටින අයුරු මාර්ගයේ ගමන් කළ හොරොව්පොතාන පොලිසියේ රථවාහන අංශ නිලධාරියෙකු දැක සිදු වූ දේ විමසා, දුව යමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 07 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
434 Views
Comments