පොල් ගෙඩියක් හිසට වැටී සිසුවෙක් මරුට

පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටීමෙන් එම දරුවා මියගොස් ඇති පුවතක් නමුණුකුල මියනකඳුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය දිනක ගෙවත්තේ අඩි 50 ක් පමණ උසැති ගසකට නැගී පියා පොල් ගෙඩියක් කඩන විට මෙම පුත්‍රයා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටි ඇති බවත් ඒ මොහොතේ පොල් ගෙඩිය හිස මතට වැටී ඇති බවත් වාර්තා වනවා.
මියගිය සිසුවා මියනකඳුර මහා විද්‍යාලයේ දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවෙක් වන අතර පනස් පස් හැවිරිදි පියාට එරෙහිව නොසැලකිලිමත්ව පොල් කැඩිමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතයි.
281 Views
Comments