හිස් වැසුමකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

හිස් වැසුමකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හිස් වැසුමකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කඳාන කපුවත්ත ප්‍රදේශයේ දී හිස් වැසුමකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි හා 44 හැවිරිදි පුද්ගලයෙකි.

 

කඳාන කපුවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වාගෙන යන හෝටලයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් ආහාර මිල දී ගෙන මුදල් ගෙවීමට යෑමේ දී ආරවුලක් ඇති ව තිබේ.

 

එම ආරවුල දුරදිග යෑමෙන් යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා විසින් හෝටලයේ හිමිකාරියගේ පියාට ආරක්ෂක හිස්වැස්මෙන් පහරදීමක් සිදුකර තිබේ.

 

එම පහර දීමෙන් සිහිසුන් වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

 

පහරදීම සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

views

325 Views

Comments

arrow-up