සපත්තුව ඇතුලේ සිටි නයි පැටවා දරුවගේ පාදයේ තැන් දෙකක කාලා

කුඩා නයි පැටවෙකු ඇතුළු වී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයාගේ පාදයේ සර්ප දෂ්ඨන සිදුව තිබෙන බවට සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී තිබේ.
කෙසේ වුවත් දරුවා මේස් කුට්ටමක් පැලඳ සිටි බැවින් සර්පයාගේ විෂ දල වැදීම සිදු නොවන්නට ඇතැයි සැක කළ හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා කීවේය.
මෙම සිදුවීමට පෙරේදා(23) මුහුණ දුන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 13 හැවිරිදි ශිෂ්‍යයෙකි.
මේ වනවිට සුවයෙන් පසුවන දරුවා වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවදුරටත් පසුවෙයි.
481 Views
Comments