08 හැවිරිදි දරුවා ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

08 හැවිරිදි දරුවා ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

08 හැවිරිදි දරුවා ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

වයස අවුරුදු 08ක දරුවෙකු ඇළකට විසි කළ ග්‍රාම නිලධාරීවරයෙකුට පිළිබඳව පොල්ගහවෙලින් වාරතා වේ.

 

අදාල ග්‍රාම නිලධාරිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගහවෙල උඩුපොල ග්‍රාම නිලධාරීවරයාය.

 

එම දරුවා ඇළ ඉවුරක සිට අලියෙක් නාවන අයුරු බලා සිට ඇත.

 

එම ස්ථානයට බීමතින් පැමිණි අදාල ග්‍රාම නිලධාරීවරයා දරුවා ඔසවා ඇළට විසිකර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 

ඇළට විසිකර ඇති දරුවාගේ අස්ථි බිඳීමක් සිදු ව ඇති බවට වාර්තා වේ.

 

මෙම සැකකාර ග්‍රාම නිලධාරීවරයා අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

views

368 Views

Comments

arrow-up