මාලබේ කහන්තොට පීඩාවට පත්කළ මාල හොරා

මාල හොරෙකු නිසා මේ දිනවල මාලබේ කහන්තොට ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවකට පත්ව තිබේ.
මෙම සොරා විසින් අවස්ථා කිහිපයක දී ම මාලබේ කහන්තොට ප්‍රදේශයේ නිවාසවලට පැන විවිධ බඩු භාණ්ඩ සොරකම් කර තිබේ.
මෙම සැකකරු විසින් බියගම ප්‍රදේශයේ දී යතුරුපැදියක් ද පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම සැකකරු විසින් පෙරේදා (09) දිනයේ ද මාලබේ කහන්තොට ප්‍රදේශයේ වෙළඳසැලක සිටි කාන්තාවකගේ නිසා මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාල කොල්ලකා පලා ගොස් තිබේ.
මෙම රන් මාල සොරා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව හෙළිවී තිබේ.
362 Views
Comments