මාවනැල්ල පිළිම වලට අලාභ හානි කිරීමේ නඩුව - වරද පිළිනොගත් දෙදෙනා යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

මාවනැල්ල පිළිම වලට අලාභ හානි කිරීමේ නඩුව - වරද පිළිනොගත් දෙදෙනා යළි රිමාන්ඩ්

මාවනැල්ල පිළිම වලට අලාභ හානි කිරීමේ නඩුව - වරද පිළිනොගත් දෙදෙනා යළි රිමාන්ඩ්

මාවනැල්ල බුද්ධ ප්‍රතිමා 7කට සහ දේව ප්‍රතිමාවට පහරදී අලාභහානි සිදුකිරීම සම්බන්ධව වන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස ලැබූ අතර වරද පිළිගත් විත්තිකරුවන් 21 දෙනෙක් දඬුවම් ලබා පිටව යද්දී වරද පිළිනොගත් විත්තිකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.


නඬුව කැඳවු අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් මහනුවර පල්ලේකැලේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පැමිණි විත්තිකරුවන් 13 දෙනා වන පිළිවෙළින් මොහොමඩ් අලු‍ෆර් මොහොමඩ් අල්ෆාක්, මොහොමඩ් ෆයිසර් මොහොමඩ් මුක්ති, මොහොමඩ් අක්බාර් මොහොමඩ් මුනින්, මොහොමඩ් සුෆියර් හුසෙන් ඉර්ෂාඩ්, මොහොමඩ් අප්ෆර් අනික් අහමඩ්, නජිමුදින් මොහොමඩ් පවුෂාන්, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්, මොහොම්මදු ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්, මොහොම්මදු හනීෆා සෙයිනූල් ආබ්දීන්, හිස්බුල්ලා ඛාන් හම්දි අහමඩ්, හයාතු මොහොම්මදු අහමදු මිල්හාන්, මොහොමඩ් හනීෆා හාජා මොහොදීන් සහ හනන් ආමස්දීන් හනන් යන පිරිස අධිකරණයට ඉදිරිපත් කෙරිණ. 

 

සෙසු තිදෙනා වන නජිමුදින් මොහොමඩ් පවුෂාන්, රෂීඩ් මොහොමඩ් මොහොම්මදු ඊබ්‍රාහිම් සහ මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොම්මදු සාපිද්, ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සිට අන්තර් ජාලය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නීතිපතිවරයා වෙත යොමු කොට විත්තිකරුවන්ට එරෙහි ත්‍රස්ත විමර්ශන පනතෙන් අධි චෝදනා 21 ක් ගොනු කර අංක 4485/21 යටතේ සබරගමුව පළාත්බද කෑගල්ල මහධිකරණය වෙත යොමු කොට තිබුණි. 


විත්තිකරුවන්ට ඇප ලබා ගැනීමට නොහැකි වීම හෙතුවෙන් යළි අධි චෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයා වෙත යොමු කොට තිබුණි. 

 

රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා නීතිපතිවරයා විසින් සංශෝධනය කරන ලද දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධි චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

 

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන් වසර තුනයි මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි. ඔවුන්ගේ අසනීප තත්ත්වයන් සලකා බලන ලෙසත්, විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති බවත් දැන්වීය.

 

ඒ අනුව 3 වැනි විත්තිකරු වන මොහොමඩ් අක්බාර් මොහොමඩ් මුනින් 4 වැනි විත්තිකරු වන මොහොමඩ් සුෆියර් හුසෙන් ඉර්ෂාඩ් සහ 13 වැනියා වන හිස්බුල්ලා ඛාන් හම්දි අහමඩ් යන තිදෙනා නිදහස් කෙරිණ. 8 වැනියා වන රෂීඩ් මොහොමඩ් මොහොම්මදු ඊබ්‍රාහිම්, 9 වැනියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොම්මදු සාපිද් යන දෙදෙනා වරද පිළිගත්තේ නැත. සෙසු විත්තිකරුවෝ 11 දෙනා අධිකරණයේ දී වරද පිළිගත්හ.


එක් චෝදනාවකට මාස තුන බැඟින් සිර දඬුවම් නියම කෙරිණ. ඊට අමතරව රුපියල් 10,000 බැඟින් රු.30,000 දඩ මුදලක් ද, දඩ මුදල් නොගෙවන්නේ නම් මාස තුන බැඟින් ළිහිල් සිරදඬුවමක් නියම කෙරිණ. හත් වැනි විත්තිකරුට චෝදනා තුනකි. ඔහුට මාස 9 සිරදඬුවමක් ද 30, 000 ක දඩයක්ද, දස වැනියාට චෝදනා හතට මාස 21 ක සිරදඬුවමක් නියම කෙරුණු අතර ඊට අමතරව රු.70,000 ක දඩ මුදලක් ද 11 වැනි විත්තිකරුට මාස 18 ක සිරදඬුවමක් ද රු.18,000 ක දඩ මුදලක් ද, 12 වැනියාට මාස 9 ක සිරදඬුවමක් ද රු.30,000 ක දඩ මුදලක් ද, 14 වැනි විත්තිකරුට මාස 9 ක සිරදඬුවමක් ද රු.30,000 ක දඩ මුදලක් ද, 15 වැනි විත්තිකරුට මාස 6 ක සිරදඬුවමක් ද රු.20,000 ක දඩ මුදලක් ද, 16 වැනි විත්තිකරුට මස තුනක සිරදඬුවමක් ද රු.10,000 ක දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කෙරිණ. සියලු‍ම දඩුවම් එකවර ගෙවී යන ලෙසත් නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දඬුවම් වසර 7 ට අත් හිටුවන ලෙස ද නියෝග කෙරිණ. වරද පිළිනොගත් විත්තිකරු දෙදෙනා සැප්තැම්බර් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

views

336 Views

Comments

arrow-up