JUL
28
ඉන්ධන පිරවුම්හලක වෙඩි තැබීමක්

ඊයෙ (27) රාත්‍රී 11.30ට පමණ බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකලදී කිසියම් පුද්ගලයකු විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබේ.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයන් බිය වැද්දීම සඳහා මෙලෙස අහසට වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.
අදාළ වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැත.
බදුල්ල පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
277 Views
Comments