පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිස් වෙයි

පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිස් වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

 

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති  ධූරය භාර ගැනීම හේතුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම අද (21) දින සිට බලපැවැත්වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් මගින් තමා වෙත දන්වා ඇති බව මහලේකම්වරයා සඳහන් කර ඇත.

 

ඒ අනුව මෙම හිස් හෝ මන්ත්‍රී ධුරය සඳහා නව මන්ත්‍රීවරයෙක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

views

269 Views

Comments

arrow-up