දින ගණනක් ඉන්ධනහලේ සිට නිවසට එද්දී වැටී මරුට

දින කිහිපයක් හලාවත ප‍්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳීසිට නැවත නිවස කරා යමින් සිටි කාර්මිකයෙකු හදිසියේ රෝගාතුරවී හලාවත කුරුණැගල මාර්ගයේ මුන්නේස්වරම් ප‍්‍රදේශයේදී ඇද වැටී මරණයට පත්ව ඇතැයි හලාවත පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ හලාවත, රඹේපිටිය පදිංචි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නැමති 37 හැවිරිදි අයෙකි.
හලාවතට ඉන්ධන ලැබෙන බවට ලැබුනු ආරංචියක් මත 12දා කිලෝමීටර් 10ට අධික දුරක් යතුරුපැදියේ තෙල් ටැංකිය පාපැදියක බැද ඉන්ධනහලේ දිගු පෝලිමේ ගත කළත් ඉන්ධන නොලැබීම හේතුවෙන් නැවත නිවස කරා එමින් සිටියදී මුන්නේස්වරම ප‍්‍රදේශයේදී මාර්ගය අයිනේ වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
297 Views
Comments