සීයාගේ උකුලේ සිටි සිඟිත්තිය පොල් වල්ලක් හිසමතට වැටී මරුට - සීයාටත් බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සීයාගේ උකුලේ සිටි සිඟිත්තිය පොල් වල්ලක් හිසමතට වැටී මරුට - සීයාටත් බරපතලයි

සීයාගේ උකුලේ සිටි සිඟිත්තිය පොල් වල්ලක් හිසමතට වැටී මරුට - සීයාටත් බරපතලයි

පසුගිය 12 වැනිදා ඌරුබොක්ක, කීරිපිටියේ අවුරුදු තුන හමාරක දැරියකගේ හිස මතට කඩා වැටුණු පොල් වල්ලක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. 

 

මෙලෙස මියගොස් තිබෙන්නේ ඌරුබොක්ක කීරිපිටිය, ගල්ගොඩහේන ඒ. ඩී. සිලු‍නි සත්සරා නැමැති අවුරුදු තුන හමාරක දැරියකි.

 

මෙම දැරිය නිවසට නුදුරින් පිහිටි තම ලොකු තාත්තාගේ නිවසට ගොස් සිටියදී ඇගේ සීයා යළි ආපසු නිවසට වඩාගෙන එමින් සිටියදී නිවස ආසන්නයේ වූ අඩි 50ක් පමණ උස පොල් ගසකින් තලා වැටුණු පොල් වල්ලක් වැටී මෙම අනතුර සිදුවී ඇත.

 

ඇය වහා ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතය හැර ගොස් තිබුණි. 

 

දරුවා රැගෙන ආ පුද්ගලයාද තුවාල ලබා ඌරුබොක්ක හීගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. 

 

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

views

347 Views

Comments

arrow-up