නිව්මෝනියාව සෑදුණු වෛද්‍යවරයා ජීවිතයෙන් සමුගනී

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ හාලිඇල පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසූරිය නැමති 30 හැවිරිදි වෛද්‍යවරයෙකි.
නිව්මෝනියා තත්ත්වයක් සමඟ රුධිරයට විෂබීජයක් යාම හේතුවෙන් ඇති වූ කම්පන තත්වයෙන් ඔහු මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණයවී තිබේ.
මියගිය වෛද්‍යවරයා එක්දරු පියෙක් වන අතර ඔහු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ඇති අතර සති කිහිපයකට පෙර ඉන්‍ෆ්ලුවන්සා රෝගය ද වැළඳී සිටි බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
දින කිහිපයක් පෙට්‍රල් පෝළිම්වලද රැඳී සිට ඇති වෛද්‍යවරයා තම කාරයේ තිබූ පෙට්‍රල් යතුරුපැදියට ගැනීමට බටයක් යොදා කටින් පෙට්‍රල් ඇද ඇති බව ඥාතීන් පවසා ඇත.
කේසේ වෙතත් ප්‍රතිකාර කලද ඔහු අද(14) උදෑසන ඔහු මියගියේය.
424 Views
Comments