හිටපු ඇමැතිගේ ගෙට කොල්ලො දහයක් පැනලා කෝටි එකහමාරක් අරන් පනී

මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයෙකු වන නුර්දින් මෂූර්ට අයත් පුත්තලම, නාගවිල්ලව ප්‍රදේශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160කට අධික රන්, මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
නුර්දින් මසුර් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ජනප්‍රිය දේශපාලඥයෙකු ද විය. ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වසර 10කට පමණ පෙර මරණයට පත්වී තිබේ.
හිටපු ඇමතිවරයා ව්‍යාපාරිකයෙකු වු අතර ඔහුට හිමි ව්‍යාපාර රැසක් මෙරට හා විදේශයෙහි තිබු බව පොලිසිය පවසයි.
ඇමතිවරයාගේ මරණින් පසු ඔහුගේ බිරිය අදාල නිවසේ රැදි සිටි අතර එම නිවසේ ඇය දින කිහිපයක් නොමැති අවස්ථාවකදි මෙම සොර කණ්ඩායම කඩා වැදි එහි තිබු රන් හා මුදල් සොරා ගෙන ඇත.
එසේම අදාල රන් හා අනිකුත් භාණ්ඩවලට අමතරව නිවසේ තිබූ රුපියල් තුන් ලක්ෂ හැට දහසක මුදලක්ද මෙහිදී සොරා ගෙන ඇති අතර එම මුදල් තැන්පත් කර තිබු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සේප්පුව කඩා දැමීමට උත්සාහ කිරීමෙන් එයට දැඩි අලාහානි සිදුවී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
නාගාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 - 30 අතර තරුණයින් දස දෙනෙකු පමණ මෙම සොරකමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වෙනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇත.
කෙසේවුවත් පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත සොරාගත් භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සැකකරුවන් කීපදෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ප්‍රදේශවාසීහු කියති.
374 Views
Comments