ඩොලර් මිලියන 50 ක් අහිමි වූ ආසියානු කුසලානය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ඩොලර් මිලියන 50 ක් අහිමි වූ ආසියානු කුසලානය

ඩොලර් මිලියන 50 ක් අහිමි වූ ආසියානු කුසලානය

මෙරට පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානය මෙරටට අහිමි විමෙන් ඩොලර් මිලියන 50ක අතිවිශාල මුදලක් රටට අහිමිව ගිය බවත් එයට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිසි පරිදි කටයුතු නොකිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කර සිටිනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව දන්වා තිබෙනවා.

මෙවැනි පදනම් විරහිත අසත්‍ය කරුණු සහ චෝදනා මගින් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව නොමඟ යැවීමක් ද සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය බවත් අදාළ නිවේදනයේ සඳහන්.

views

251 Views

Comments

arrow-up