ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක්

ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක්

රට පුරා නව ඔමික්‍රෝන් ආසාදිත රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගතය රෝග විද්‍යා ඒකකය පවසයි.

 

මේ හේතුවෙන් වයස අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග සහිත පුද්ගලයන් වහාම අතිරේක එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගතය රෝග විද්‍යා ඒකකය ඉල්ලා සිටියි.

 

ඊයේ (03) දිනයේත් මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 122ක් හඳුනාගෙන ඇති අතර පෙරේදා (02) සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 08ක් ඊයෙ (03) තහවුරු කර තිබේ.

 

මේ අතර මෙරට නව කොවිඩ් රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නිවේදනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් නිකුත් කර තිබේ.

 

එසේම වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගීගනගේ සඳහන් කළේ වඳුරු උණ වසංගතයට මුහුණදීම සඳහා ද මේ වන විට සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බවයි.

 

 

views

315 Views

Comments

arrow-up