ජලය නොමැතිව බිසෝපුර ගොවීන් අසීරුතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ජලය නොමැතිව බිසෝපුර ගොවීන් අසීරුතාවක

ජලය නොමැතිව බිසෝපුර ගොවීන් අසීරුතාවක

මැදිරිගිරිය බිසෝපුර ගම්මානයෙහි ගොවි ජනතාවට තම වගාවන් සඳහා ජලය සපයා ගැනීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටිනවා.

ගම්මානයේ පිහිටි වැවෙන් ජලය සපයා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන්  තම වගාවන් විනාශ වී යාමට පෙර මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ගොවි බිම්වලට ජලය සැපයීම සඳහා කවුඩුල්ල වැවේ ජල මාර්ග සකස් කර තිබුණද ඉන් නිසි ප්‍රයෝජනයක් ගත නොහැකි බවයි ගොවීන් චෝදනා කරන්නේ.

 

views

253 Views

Comments

arrow-up