කසල තේ තොගයක් මෝදරදී අත්අඩංගුවට

කසල තේ කිලෝ 19,072.86ක් සහ කසල තේ වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා දියර ලීටර් 336ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
පසුගිය 19 වැනි දින මෝදර පොලිස් වසමේ අංක 58, එලිහවුස් පාර, මෝදර, කොළඹ 15 ලිපිනයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඉතාමත් රහසිගත ව කසල තේ කුඩු යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් පිරිසුදු තේ කුඩු ලෙස ව්‍යාජ අන්දමින් සකස් කර ඇති බවයි හෙලි වී ඇත්තේ.
අදාල සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයෙක්.
275 Views
Comments