පියා කැපූ පුවක් ගස හිසට වැටී පුංචි සිඟිත්තා මරු තුරුළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

පියා කැපූ පුවක් ගස හිසට වැටී පුංචි සිඟිත්තා මරු තුරුළට

පියා කැපූ පුවක් ගස හිසට වැටී පුංචි සිඟිත්තා මරු තුරුළට

තම පියා විසින් කපන ලද පුවක් ගසක් හිස මතට වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ඌව පළාත් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එක් අවුරුදු හත් මස් වයසැති දරුවෙකු පසුගිය 11 වනදා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.

 

හිස් කබල පුපුරා සිටි දරුවා බේරා ගැනීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය ගත් සියලු‍ උත්සාහයන් සඵල නොවූ බව හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කීවේය.

 

මරණයට පත් වූයේ මැදගම, බකිනිගහවෙල, උඩගංගොඩ, කිත්සිරි නිවසේ වාසය කළ කේ. එම්. දුමිදු ප්‍රියංකර නමැති දරුවෙකි.

 

හදිසි මරණ පරීක්ෂණයේදී දරුවාගේ මව එච්. එම්. චන්දිමා ලක්මාලි (21) සාක්ෂි දෙමින් මෙසේ කීය.

 

ස්වාමි පුරුෂයා වත්තේ වැටේ තිබුණු අඩි 50ක් පමණ උස පුවක් ගසක් කපමින් සිටියදී මම වත්තේ කව්පි කඩමින් සිටියා. පාරට වැටෙන්න කැපූ ඒ ගස අහම්බෙන් එවේලේ හැමු සුළඟට පැද්දී ඇවිත් මා ළග සිටි පුතාගේ ඇඟට වැටුණා. හිස තුවාලවූ පුතා මැදගම රෝහලයට ගෙන ගියාම මොනරාගල සිරිගල රෝහලට පිටත් කළා. පුතා අසාධ්‍ය තත්වයෙන් සිටි නිසා වහාම බදුල්ල මහ රෝහලට එව්වා. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී ඔහු මිය ගියා.

views

317 Views

Comments

arrow-up