බන්ධනාගාර රැඳෙවියන්ට දුරකථන පහසුකම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

බන්ධනාගාර රැඳෙවියන්ට දුරකථන පහසුකම්

බන්ධනාගාර රැඳෙවියන්ට දුරකථන පහසුකම්

රට තුළ පවතින ප්‍රවාහන දුෂ්කරතාවය හේතුවෙන් බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට පැමිණීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබීම නිසා සෑම බන්ධනාගාරයකම රැf​ඳවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

 

ඒ තුළින් රැඳවියන්ට සිය ඥාතීන් සමඟ දුරකථන මගින් තොරතුරු දැන ගැනීමට අවස්ථාව උදාකර ගත හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


පහසුකම් ලබා දෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුකූලව බවත් වාර්තාවේ.

views

278 Views

Comments

arrow-up