බෝට්ටුවෙන් රටේ යන්න හැදූ 33ක් නාවික හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

බෝට්ටුවෙන් රටේ යන්න හැදූ 33ක් නාවික හමුදා භාරයට

බෝට්ටුවෙන් රටේ යන්න හැදූ 33ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටින් පිටවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33න් දෙනෙකු මීගමුවෙන් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

අද (21) අලුයම් කාලයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇති අතර එය පරික්ෂා කිරීමට යාමේදී සැකකටයුතු පිරිස හමු වී තිබුණි.

 

අදාල ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලයේ 04 දෙනෙක් ඇතුළුව පිරිමි පුද්ගලයන් 19ක්, කාන්තාවන් 09ක් හා ළමුන් 05 දෙනෙක් සිටි බව නාවික හමුදාව පවසයි.

 

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් පිරිස කොළඹ වරාය පොලීසියට භාර දීමට නියමිතය.

views

313 Views

Comments

arrow-up