ගාඩියන් මාධ්‍යවේදියාගේ ශ්‍රී ලංකා සංචාරය තහනම් වෙයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය වාර්තා කිරීම සඳහා මෙරටට පැමිණීමට උත්සහ කළ එක්සත් රාජධානියේ 'ගාඩියන්' මාධ්‍යවේදී ආකාෂ් හසන්ට ඉකුත් අඟහරුවාදා(26) සවස නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 196 දරණ ගුවන් යානයට ගොඩ විම තහනම් කර තිබෙනවා.
වතුර පොදක් හෝ නොමැතිව පැය පහක පමණ කාලයක් තමාව ගුවන් තොටුපලේ රඳවාගත් බවත්, අනතුරුව කිසිදු පූර්ව විනිශ්චයකින් තොරව තමාගේ බෝඩින් පාස් පත ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමා වෙත ගුවන් බලපත්‍රය ලබා දුන් බවත් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
කෙසේ වෙතත් තමාට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට බාධා කරන්නේ ඇයි දැයි කිසිවෙකුත් නොපැවසූ බව ද ඔහුගේ සංචාරයේ පසුබිම සහ අරමුණ පිළිබඳ නිලධාරීන් දෙදෙනෙකු පමණක් තමාගෙන් ප්‍රශ්න කළ බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
288 Views
Comments