ලක්ෂ 18ක සුඛෝපභෝගී හෝටල් කාමර බිල නොගෙවා පලාගිය පුද්ගලයා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ලක්ෂ 18ක සුඛෝපභෝගී හෝටල් කාමර බිල නොගෙවා පලාගිය පුද්ගලයා

ලක්ෂ 18ක සුඛෝපභෝගී හෝටල් කාමර බිල නොගෙවා පලාගිය පුද්ගලයා

ගාල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙක් රුපියල් 18 ලක්ෂ 74,000ක කාමර බිල නොගෙවා පලාගොස් ඇති බව වාර්තා වේ.

 

මෙම පුද්ගලයා ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර පසුගිය 23 වැනිදා එංගලන්තයේ සිට පැමිණි බව පවසමින් හෝටලයේ නතර වී ඇත.

 

ඔහු හෝටලයේ සුඛෝපභෝගී කාමරයක නවාතැන් ගෙන ඇත්තේ දිනකට රුපියල් 39,000ක කාමර කුලියක් යටතේය.

 

ඔහු මුල් සති කිහිපයේදී නිසි පරිදි මුදල් ගෙවා ඇති අතර පසුව ගෙවීම් පැහැර හැර තම බඩු භාණ්ඩ ද රැගෙන හොර රහසේම පලා ගොස් ඇති බව හෝටල් කළමනාකරු පොලීසියට පැමිණිලි කර තිබේ.

 

පොලිසිය ඊට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කර අතර ගාල්ල මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග කළේ අදාළ පුද්ගලයාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසයි.

 

views

403 Views

Comments

arrow-up