යාපනයේ දේවමෑණි ප්‍රතිමාවක රන් ආභරණ සොරකම් කෙරේ

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක දේවමෑණියෝ ප්‍රතිමාවේ තිබූ රන් මාල හා ආභරණ ඊයේ (17) රාත්‍රියේ සොරකම් කර ඇත.
දේවස්ථානයේ පාලක පියතුමා විසින් සිද්ධිය පිළිබඳව මරදන්කේණී පොලිසියට පැමිණිලි කර ඇත.
පසුගිය 14 සහ 15 වනදා මෙම දේවස්ථානයේ දේව මෑණියන්ගේ වාර්ෂික මංගල්‍යය පවත්වා ඇත.
ඊට සහභාගී වූ කිසියම් පිරිසක් රන් ආභරණ පිළිබඳව විමසිල්ලෙන් සිට ඒවා පැහැරගෙන යන්නට ඇතැයි මරදන්කේණී පොලීසිය සැක පළ කරයි.
මෙලෙස සොරකම් කරන ලද රන් මාල හා ආභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට පමණ ආසන්න බව ගණනය කර ඇත.
සොරකම සම්බන්ධයෙන් මරදන්කේණී පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
324 Views
Comments