යතුරුපැදිය බසයේ ගැටී තරුණයෙක් ජීවිතක්‍ෂයට

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් තිබෙන්නේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උවේයිස් අෆ්සාම් අහමඩ් නැමැති 26 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කීය.
කතරගම සිට කොළඹ බලා පැමිණි මගීන් රැගත් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී කොළඹ දෙසින් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් සඳහන් කළේය.
309 Views
Comments