වසර 12කට පෙර 12 හැවිරිදි දැරියක් අපයෝජනය කළාට ලැබුණ දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

වසර 12කට පෙර 12 හැවිරිදි දැරියක් අපයෝජනය කළාට ලැබුණ දඬුවම

වසර 12කට පෙර 12 හැවිරිදි දැරියක් අපයෝජනය කළාට ලැබුණ දඬුවම

වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ  නියම කළේය.

 

සිර දඬුවමට අමතරව රුපියල් 30,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙස ද  විනිසුරුවරයා නියම කළේය.

 

12 හැවිරිදි දැරියක රවටා අවස්ථා කිහිපයකදිම අපයෝජනයට ලක් කර තිබූ බව අධිකරණයේදි කියැවිනි.

 

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයේදි පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනා 04ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ චුදිතට දඩුවම් නියම කළේය.

 

මෙහිදි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි රජයේ නිමන්ත ජයවික්‍රම කරුණු දක්වමින් පැවසුවේ මෙම සිදුවිම සිදුවන අවස්ථාව වන විට අගතියටපත් දැරිය අවුරුදු 12ක අයකු බවත්, චුදිත 29 හැවිරිදි වියේ පසු වු අයකු බවත්ය.

 

ඒ අනුව මෙවැනි වැරදිවලදී චුදිතයකුට ලබා දෙන දඩුවම දෙස සමාජයාද බලා සිටින බවත්,එබැවින් සමාජයේ අන් පුද්ගලයන්ටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

 

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ චුදිතට 1 හා 3 චෝදනාවන් සදහා වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර අදාල චෝදනා දෙක සදහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි.

 

දඩ නොගෙවයි නම් අමතරව මාස 06ක සිර දඩුවමක්ද නියම කෙරුණි. එමෙන්ම 02 හා 04 චෝදනාවන් සදහා වසර 14 බැගින් වසර 28ක සිර දඩුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සදහාද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

 

දඩ නොගෙවයි නම් වසර 01 බැගින් වසර දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි.

 

මීට අමතරව අගතියට පත් දැරිය සදහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කල අතර චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

views

311 Views

Comments

arrow-up