කොටියා මැරුණේ ගහට යටවෙලා නෙවෙයි - වාර්තාව එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

කොටියා මැරුණේ ගහට යටවෙලා නෙවෙයි - වාර්තාව එළියට

කොටියා මැරුණේ ගහට යටවෙලා නෙවෙයි - වාර්තාව එළියට

පසුගිය 07 වැනිදා සමර්හිල් වතුයායේදී මද්දකට හසුවීමෙන් මරණයට පත් වූ කදුකර කොටියා සම්බන්ධව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් විසින් බාරදී ඇත.

 

එම අවස්ථාවට සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා පත් කළ කමිටූවට අයත් අතිරේක ලේකම් එච්. ඩී. රත්නායක, සෞඛ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ තාරක ප්‍රසාද්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ එච්. ඒ. අනෝමා ප්‍රියදර්ශනී යන නිළධාරීහු මෙම අවස්ථාවට සහභාගි විය.


කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.


එසේම මෙම සමර්හිල් සිදුවීමේදී එකී කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් එම සතා ගසට යටවී නොමැති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව කමිටුව පවසයි.

 

කෙසේ වුවද කොටියා බේරා ගැනීමට ගස කපා දැමීම අනුමත නොකරන බවත් මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය ‌බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බවත් එහෙත් දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාල නිලධාරින් උත්සාහ දරා ඇති බවත් අදාල නිලධාරින්ට තරයේ අවවාද කළ යුතු බවත් කමිටුව සඳහන් කර ඇත.

views

315 Views

Comments

arrow-up