මහ කන්නයේ වී කිලෝවකට රු.95ක් සහතික වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රු.95ක සහතික මිලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාඩු, සම්බා හා කීරි සම්බා කිලෝවක් රුපියල් 95කට මිලදී ගන්නවා ඇති.
මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රුපියල් 95 ක මුදලට අමතරව ප්‍රවාහන ගාස්තු සහ මෙහෙයුම් වියදම් සඳහා කිලෝවකට රු.2ක අමතර මුදලක් ගෙවීමට ද යෝජනා වී තිබෙනවා.
මෙවර මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක අස්වැන්නක් බලාපොරොත්තු වන අතර ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වී මණ්ඩලය මගින් මිලදී ගැනීමට නියමිතයි.
775 Views
Comments