ඉන්ධන නැතොත් විදුලි කප්පාදුවකට තීන්දුව ගන්නවා..- ලොකුගේ

කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් තුන්දහසක් මේ වන විට ලැබී ඇති නිසා හෙට දිනය දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දිය හැකි බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.
22 වැනිදා දක්වා ඉන්ධන ලබා ගැනීමට තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරන බවද පැවසූ ඔහු ඉන්ධන නොලැබුණහොත් පමණක් විදුලිය විසන්ධි කිරීමට තීරණය ගැනීමට සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබාදෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බවයි.
අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.
778 Views
Comments