බස් රථයෙන් කුඩු ඇද්ද රියදුරු ඇතුලු 03ක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

බස් රථයෙන් කුඩු ඇද්ද රියදුරු ඇතුලු 03ක් මාට්ටු

බස් රථයෙන් කුඩු ඇද්ද රියදුරු ඇතුලු 03ක් මාට්ටු

අයිස් මත්කුඩු ග්‍රෑම් 406ක් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක රියදුරෙක් ඇතුළු තිදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලීසිය පැවසුවේ ඒ අතර බස් රථයේ කොන්දොස්තරවරයාද වන බවයි.

 

යුද හමුදා බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරක් මත පොලිස් මාර්ග බාධකයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා බස් රථයේ ආයුධ දමා ඇති පෙට්ටියේ එම මත්ද්‍රව්‍ය සඟවා රැගෙනවිත් ඇතැයි අනාවරණය වීමෙන් පසුව අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මත්ද්‍රව්‍ය ඔවුන්ට ලබාදුන් පුද්ගලයා තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

views

699 Views

Comments

arrow-up