රන්ජන් සිපිරිගෙයි සිට උපාධිය හදාරයි

බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට සිය උසස් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බන්ධනාගාරයේ සිටම කරගෙන යාමට අවසර හිමිවී තිබේ.
මේ සඳහා අවසර ලබා දෙන ලෙස රන්ජන් රාමනායක රැඳවුවා විසින් ඉල්ලීමක් කර තිබූ අතර අධිකරණ ඇමැතිවරයාගේද උපදෙස් පරිදි ඒ සඳහා අවසර ලිපිය ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට ලැප්ටොප් පරිගණකයක් භාවිතයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාල බාහිර උපාධි පාඨමාලා දේශන සඳහා සහභාගි වීමට රන්ජන් රාමනායකට අවසර හිමිවන අතර ඔහු හදාරන විෂය සම්බන්ධ පත පොත,අතිරේක සටහන් ආදියද බාහිර පාර්ශවයන්ගෙන් ගෙන්වා ගැනීමට ද මේ යටතේ අවසර හිමිවෙයි.
869 Views
Comments