මිදුල හැඩ කරන Interlock stones
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

මිදුල හැඩ කරන Interlock stones

මිදුල හැඩ කරන Interlock stones

ලස්සන නිවසක හිමිකරුවකු වන ගෙමිදුල වගේම නිවසට පිවිසෙන මාර්ගයේ අලංකාරයත් වැදගත් වෙනවා. අද වන විට මේ සඳහා වැඩිපුරම භාවිතයට ගනු ලබන්නේ ඉන්ටලොක් ගල් වර්ගයි. ඉතිං ගෙමිදුල හැඩ කරන මේ ගල් වර්ග ගැන කෙටි විස්තරයක් මේ ලිපිය හරහා ඉදිරිපත් කෙරෙනවා.

එකිනෙකට සම්බන්ධ කළ හැකි මෙම ගල් ඇල්ලීමට බොහෝවිට බොහෝවිට යොදාගන්නේ වැලි නැත්නම් කලුගල් කුඩුයි. නිවසට ඇතුලුවන පාර මේවායින් ආවරණය කර දෙපස තණකොළ ක්‍රමවත්ව වැවීම ගෙවත්තේ පෙනුම තවත් ඔප් නංවනවා. අද වන විට මේවා විවිධ වර්ණයන්ගෙන් තියෙන නිසා කැමති ආකාරයකට තෝරාගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී එකම වර්ගයේ ගල් වර්ණ දෙකකින් හෝ තුනකින් ලබාගැනීමෙන් අලංකාර මෝස්තර රටාවන් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම ගල් නිර්මාණය කරන්නේ සිමෙන්ති වැලි කළුගල් කුඩු ආදිය යොදා ගෙනයි. ගෙමිදුලට හා පිවිසුම් මාර්ගයට අමතරව ඕනෑම එළිමහන් ප්‍රදේශයක බිම ආවරණය කරන්නට මෙම ඉන්ටලොක් ගල් භාවිතා කරන්න පුළුවන්. අද බෙහෙවින් ජනප්‍රිය ඇවිදීමේ මංතීරු හා පදික වේදිකා ආවරණය කිරීම කිරීමට යොදා ගන්නා බව බහුලව දක්නට ලැබෙනවා. යුනි,බොක්ස්, ස්ක්වෙයර්, කොම්බෝ, හෙක්සා, එලියානා, ඉමැක් ආදී නම්වලින් හඳුන්වන මෝස්තර රටාවන්ගෙන් මෙම ගල් සුලභව දක්නට ලැබෙනවා. වර්ණයන් ලෙස සිමෙන්ති පැහැය රතු කොළ කළු දුඹුරු සහ කහ පැහැයන්ගෙන් මෙම ගල් වර්ග ලබාගන්න පුළුවන්. ගල් මිලදී ගැනීමේදී ඒ වගේ උස දිග පළල හා ශක්තිමත් භාවය කෙරෙහි ඔබගේ අවධානය අනිවාර්යෙන්ම යොමු කළ යුතු වෙනවා. ගල් වර්ගයේ හැඩය අනුව ඒවාගේ දිග පළල වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිලි මීටර් 200-250 දිග ප්‍රමාණ වලින් සහ පළල මිලිමීටර 100-175 වැනි ප්‍රමාණවලින් මේවා දක්නට ලැබෙනවා. එහෙත් මෙම ගල් වල උස නම් දැකගත හැක්කේ මිලි මීටර් 60ත් 80ත් අතර ප්‍රමාණයන්ගෙන් පමණයි.

සමහර කූට ව්‍යාපාරිකයන් මෙම ගල් සෑදීමට ද නියමිත අනුපාතයන් මගහැර කළු ගල් කුඩු වැඩියෙන් භාවිතාකර නිෂ්පාදනය කර තිබෙනවා. ඉන් ඒවාගේ ශක්තිමත් බව හා කල් පැවැත්ම අඩු වෙනවා. ඒ නිසා නියමිත ප්‍රමිතියෙන් යුත් විශ්වාසවන්ත තැනකින් මෙම ගල් මිලදී ගත යුතුයි. නැතිනම් ඔබ බලාපොරොත්තු වූ නිර්මාණය කරගැනීමට නොහැකි වනවා වගේම ඔබේ මුදල් හා කාලය පමණක් අපතේ යනවා.ඔබේ නිවසටත් ඉන්ටලොක් ගල් භාවිතයට පෙර ඉහත කරුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සුන්දර නිවසක හිමිකරුවකු වන්න.

 

views

1026 Views

Comments

arrow-up