DEC
27
කාති උසාවිය අහෝසි කරන්න - මුස්ලිම් ජාතිකයෙකුගෙන්ම ඉල්ලීමක්

කාති උසාවි අහෝසි කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර් මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකා ඉල්ලීමක් කර තිබෙනවා.
තමන් දීර්ඝ කාලයක් තිස්සේ මුස්ලිම් කාන්තාවන්ට සිදුවන අසාධාරණය දැක මෙම ඉල්ලීම කළ බවයි ඔහු එහිදී සඳහන් කළේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එක රටක් එක නීතියක් සඳහා වූ කාර්ය සාධක බලකාය අද මහජන අදහස් විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් විය.
895 Views
Comments