JAN
17
වෘත්තිමය බැංකු මංකොල්ලකරුවෙකු රත්මලානේදී අත්අඩංගුවට

බැංකු රැසක් බිඳ පොලිසියට අවශ්‍ය කර තිබූ අපරාධකරුවෙකු රත්මලාන ගුවන්තොටුපල ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත්වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 35ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුට විරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
සැකකරු සිදුකර ඇති අපරාධ මෙසේයි
- බද්දේගම සණස බැංකුව බිඳ රුපියල් 954,094ක මුදලක් සොරකම් කිරීම
- පිටිගල මත්තක සමෘද්ධි බැංකුව බිඳ රුපියල් 30,000ක මුදලක් සොරකම් කිරීම
- ඇල්පිටිය ඇත්කඳුර සණස බැංකුව බිඳ මුදල් හා දේපොළ සොරකම් කිරීම සහ තෙලිකඩ
- ගරදෙවල ග්‍රාමීය බැංකුව බිඳ රුපියල් 485,000ක මුදලක් හා රුපියල් 900,000ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම
322 Views
Comments