අහස උසට නැගි පොල් තෙල් මිල

පොල් සහ පොල් තෙල් මිල අසීමිත ලෙස ඉහළ යමින් පවතින බව තෙල් කර්මාන්තකරුවෝ සඳහන් කරති.
පසුගිය දිනවල රුපියල් 600 ට තිබූ පොල් තෙල් කිලෝ ග්‍රෑම් 01 ක තොග මිල රුපියල් 670 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවද ඔවුන් සඳහන් කරයි. එමෙන්ම කටු පොල් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 93 සිට 107 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත. පොල් තොග මිල රුපියල් 65 සිට 85 දක්වා ඉහළ ගොස් ඇති බවද එම ව්‍යාපාරිකයන් සඳහන් කරයි.
විදෙස් රටවල්වලින් ෆාම් තෙල් (ආර්.බී.ඩී.) මේ දිනවල ආනයනය නොකිරීම මෙම තත්ත්වයට හේතුව බවද ඔවුන් කියා සිටී.
857 Views
Comments