ඉන්ධන අර්බුධය මැද විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ, විදුලිබල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින්.
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම මෙන්ම පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පෙර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන්ද තමන්ට ගැටලු පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත ජනනාත් දයාරත්න සඳහන් කළේ.
551 Views
Comments