ප්‍රායෝගික පරීක්ෂණ දිනයේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ප්‍රායෝගික පරීක්ෂණ දිනයේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

ප්‍රායෝගික පරීක්ෂණ දිනයේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වන රියදුරු පුහුණුව සමත් වන පුද්ගලයින්ට එදිනම රියදුරු බලපත්‍රය ලබා දීමේ ක්‍රියාවලිය අත්හිටුවා තිබෙනවා.

 

ඒ එම ක්‍රමය හරහා අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිලි සමඟයි.

 

අනුරාධපුර කාර්යාලයේ මෙලෙස අක්‍රමිකතා සිදුවන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාට ලද පැමිණිලි වලට අනුව මෙම වැඩපිළිවෙල අත්හිටුවා තිබෙනවා.

 

මීට පෙර ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන පිරිසට අමතරව රුපියල් 500ක මුදලක් ගෙවා එදිනම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබුණා.

 

එම අවස්ථාව තවදුරටත් හිමි නොවන නමුත් රියදුරැ පරීක්ෂණය සමත් වන දිනයේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන අතර එම බලපත්‍ර යොදාගනිමින් රිය ධාවනයට අවසර හිමි වේ.

views

1064 Views

Comments

arrow-up