12 හැවිරිදි දරුවා අපයෝජනය කළාට වසර 12ක් බරපතල වැඩ සහිත සිරදඬුවම්

කඩවත ප්‍රදේශයේදී වයස අවුරුදු 12 බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවාට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවමක් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.
එම දඬුවමට අමතරව රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරුණු අතර අගතියට පත් සිසුවාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමටද නියම කරන ලදී.
දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06ක සිර දඬුවමක්ද වන්දි මුදල් නොගෙවන්නේ නම් වසරක සිර දඬුවමක්ද පැනවීය.
කොලොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විතාරණගේ කීර්ති සම්පත් නැමැති 27 හැවිරිදි විත්තිකරුට මෙලෙස දඬුවම් නියම විය.
1426 Views
Comments