ඇවන්ගාඩ් සභාපතිගේ ඉඩමකින් හිස් කබලක් හා ඇටකටු හමුවෙයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් බව කියන අලුත්ගම සින වත්ත වැලිපැන්න පාර ප්‍රදේශයේ සංචාරක නිකේතන භූමියේ නව ඉදිකිරීමක් සඳහා කැණීම් කිරීමේදී හමුවතිබෙන මිනිස් හිස් කබල කොටස්සහ ඇටසැකිලි කොටස් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි කළුතර නාගොඩ මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියා න් අමරසේන මහතා ස්ථානීය පරීක්ෂණයට ලක්කර බව අලුත්ගම පොලීසිය පැවසීය.
මෙම පරිශ්‍රය ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් එකක් බවත් එම ආයතනය මෙයට මාස තුනකට පමණ කලින් යාබද බ්ලොග් ගල් ව්‍යාපාරයක් පවත්වන ඉඩමෙන් පර්චස් පහක් මිලදී ගෙන ඇති අතර එම කොටසේ සිදුකළ කැණීමකදී මෙම මිනිස් හිස්කබල් කොටස් හමුවූ බව ඇවන්ගාඩ් ආයතනයේ නිලධාරියෙක් අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල අනුව පොලිසිය වහා ක්‍රියාත්මක වී උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කළුතර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ව පොලිස් පැමිණිල්ල ලැබුණු දිනට පසුදා එම හිස් කබල කොටස් හමුවූ කැණීම් කළ ස්ථානය පරීක්ෂාවට ලක්කර බව අලුත්ගම පොලිසිය හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සඳහන් කළහ .
996 Views
Comments