බස් රථයක් වෑන් රථයක ගැටී දෙදෙනෙකු මරුට

අනුරාධපුර පුත්තලම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අද අළුයම පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ නොච්චියාගම සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් සහ අනුරාධපුරයේ සිට නොච්චියාගම දෙසට ගමන් කරමින් තිබු බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
බරපතළ තුවාල ලද වෑන් රථයේ ගමන් කල 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මිය ගියේ වයස අවුරුදු 22 වන රියදුරු සහ මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පමණක් කාන්තාවකි.
727 Views
Comments