බැසිල් ගිය අතරේ කබ්‍රාල් ඩොලර් නිදහස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

බැසිල් ගිය අතරේ කබ්‍රාල් ඩොලර් නිදහස් කරයි

බැසිල් ගිය අතරේ කබ්‍රාල් ඩොලර් නිදහස් කරයි

ඩොලර් නොමැතිවීම හේතුවෙන් නිදහස් කරගැනීමට නොහැකිව වරාය තුළ සිරවී තිබූ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

එහිදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම මුදල ලබා දීමට එකඟ වී ඇති අතර අද සිට එය නිදහස් කර ගැනීම ආරම්භ වනු ඇත.

 

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළූණු ඇතුළු ද්‍රව්‍ය සහිත කන්ටේනර දහසකට අධික ප්‍රමාණයක් සිරව තිබෙනවා.

views

1412 Views

Comments

arrow-up