දියර පොහොර විෂවී ගොවියාට අසාධ්‍යයි

රජය මගින් ලබාදී ඇති බව කියන දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතා හේතුවෙන් පොලොන්නරුව, අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ ගොවි මහතෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස් කාබනික දියර පොහොර භාවිතයෙන් අසාත්මිකතාවයට පත්ව ඇත්තේ අංක 338 කන්දේගම දම්මින්න ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන එන්. සිරිවර්ධන නැමැති 47 හැවිරිදි ගොවි මහතෙකි.
පසුගිය 14 වනදා උදෑසන ඔහු මෙම දියර පොහොර වර්ගය තම කුඹුරට ඉසීමෙන් පසු අසාත්මිකතාව ඇතිවූ බවත් ඒ අනුව වමනය ගොස් ක්ලාන්තය ඇතිවීමෙන් නිවසට නොපැමිණි ඔහු පෙරේදා(16) උදෑසන කුඹුරේ පැලෙහි රෝගාතුරවී වැටී සිටියදී දරුවන් විසින් අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට යවා තිබේ.
දියර පොහොර වර්ගය ඉසීමෙන් තමාට රෝග තත්ත්වයක් හටගත් බව සැමියා පැවසූවේ යැයි බිරිඳ පවසා සිටියාය.
776 Views
Comments