ඔක්සිජන් සිලින්ඩර 85ක් ශ්‍රී ලංකාවට

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය සෞඛ්‍ය අංශයට වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළ අතර ඔවුන් විසින් පහසුකම් සපයමින් වෛද්‍ය ආධාර ලබාදුන් සිව්වන ගුවන් තොගය මෙයයි.
ශ්‍රී ලංකාවේ තානාපති එම්. මාෆාස් මොහදීන් විසින් රටේ බරපතල තත්වය පිළිබඳව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇති අතර මෙම ඔක්සිජන් සිලින්ඩර තොගය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීමට රජයේ රෝහල් අතර බෙදාහැරීමට අපේක්ෂා කෙරේ.
දෝහා හි සිටින ශ්‍රී ලාංකික විදේශික ප්‍රජාව හා අනෙකුත් පුද්ගලයන් එක්ව ආධාර සදහා මූලිකත්වය ගෙන මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.
924 Views
Comments